Tuesday, July 7, 2015

ඔබව දැනෙනවා මට බොහෝ සුන්දරව.

හමා එන්න සුළඟේ දැවටෙමින්, ඔබේ සුවදින් මා හද පුරවනු පිණිස.......
මාගේ ප්‍රාණය හා මුසු වනු පිණිස.... 
දැනෙනවා ඒ හුස්ම,
ඇට මස් නහර විනිවිද වේගයෙන් දිව යන අපූරුව.

ඔව් ඔබව දැනෙනවා මට බොහෝ සුන්දරව.

ඔබේ සතුට



ඔබට මා රිදවා සතුටු විය හැකි නම්
විදින්න ඒ සතුට.
මට ද සතුටුයි,
මන්ද....  මා නිතැතින්ම එහි කොටස් කරුවෙකු වන බැවිනි.

Saturday, November 5, 2011

හන්තානට පායන හඳ...


බ්ලොග් කලාවට මම අලුත්, අලුත් කිඅයන්නේ තවම කියවන්න අරගෙන සතියක් විතර. ඔය සතියේ මම ගොඩක් ( පුලුවන් හැටියට ) බ්ලොග් පෝස්ට් කියෙවුවා. ඒව්වයින් අල්ලලා ගිය බ්ලොග් ටිකක් මේ....

Bunny ගේ සිතුවිලි, අතීතයෙන් අහුලන මතකයන්... , ගොඩයාගේ වංහුං , නිදහස් සිතුවිලි , මාරයාගේ හෝරාව... ,සයිබර් යාය Cyber yaya , ..මකුළු පැංචිගේ වියමන.. , ඉන්ද්‍රනාම

කොහොම හරි ඕවා කියවනකොට මට හිතුනේ මෙච්චර කල් වෙබ් එකේ ඉදලා මොනවද කරලා තියෙනේ කියලා.විශේෂයෙන් ඉන්ද්‍රනාම අයියා කරල තියෙන දේවල් දැක්කම.(කඩේ යනව නෙවේයි හොදේ!)

ඔන්න ඉතින් පැනපු ගමන් කාපි යකා කියන්න වගේ ලියන්න අසාවක් ආවත්; ඔක කොරන්න ගියාමනේ අමාරුව තියෙන්නේ.මොකෝ එක  රැයකින් " විජේසේකර " ඉගෙනගන්න බෑ නොවැ..ඕන්න කොහොම හරි ඔකත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා වැඩේට බැස්සා.

// අටුවා ට්කා නිම්....... ///

හන්තානට පායන හඳ...
අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන  යසනාත් ධම්මික බණ්ඩාර මහත්මයා රචනා කරපු
ඔය ගිතයේ වචන බරපතල නැති නිසා.. කියැවෙනදේ කාටත් තේරෙනවා අතිනේ.. මම කියන්න යන්නේ ඔය පද ලියන්න හේතු වුන කතාව ගැනයි.

ගීතයේ රචකයා ඒ කිවුවේ.. යසනාත් ධම්මික බණ්ඩාර මහත්මයාගේ අත්දැකීමක් තමයි ඕකට හෙතු වෙලා තියෙන්නේ. යසනාත් සර්( මෙතැන් සිට "සර් " යනුවෙන් භාවිත වේ.), කාලයක් වැඩකරලා තියෙනවා නුවර එළියේ ඉස්කෝලෙක. ඒක මිශ්‍ර පාසලක්, ඉතින් උ/පෙ පන්ති වලට තමයි උගන්වලා තියෙන්නේ. මිශ්‍ර පාසල් කිවුවම ඊවට ගියපු අයත් නොගියපු අයත් දන්නවා අතිනේ කොල්ලො කෙල්ලො කියලා මහ ලොකු වෙනසක් නෑනෙ, ඔක්කොම හොද යාළුවෝ. එත් සර්ගේ පන්තියට අලුත් අවුරුද්දක අලුතෙන් අපු සෙට් එකක දෙන්නෙක් අනෙක් අයට වඩා දෙන්නට දෙන්නා ලෙන්ගතු බව පෙනුනාලු. ඒ කියන්නෙ විවේක වෙලාවට දෙන්නා එක බත් මුල ලිහාගෙන තමා කාල තියෙන්නෙ (මෙහෙම කිවුවාම කෙනෙක් හිතන්න පුලුවන් මේක අමුතු දෙයක් නෙවෙයිනෙ කියලා.. මෙතන පොඩ්ඩක් අපි හිතනවට වඩා වෙනස්) දෙන්නට දෙන්නා බත් අනලා අනෙකට කවනවලු ඔක ඉතින් වෙන්න ඇත්තේ කොහොමද් කියලා හිතා ගන්න පුලුවන්නෙ. ඔක ඔහොම කරන් ගියයි කියමුකො... සර්ටත් වැඩේ වේලාහනම තේරිලා, එත් සර් ඔය ගැන මොකුත් අහන්න ගිහිල්ලා නෑ මොකද " බත් එකක් බෙදාගෙන කෑම නීති විරෝදී දෙයක් වත් පාසල් නීති උල්ළංඝණය කිරීමක් වත් නෙවේයි නේ..


කොහොමෙන් කොහොම හරි විභගෙත් ආවයි කියමුකො.. සර්ගෙන් ඉගෙන ගත්ත ගෝලයො පොලිමේ එනවලු වදලා යන්න ඕක ඉතින් සම්ප්‍රදායනේ. අර ළමයි දෙන්නත් ඔතන ඉදල තියෙනවා; විභගේ ප්‍රතිඵල ආවට පස්සෙ ප්‍රතිඵල කියන්න අවිත් තියෙන්නේ අර දෙන්නාගෙන් ගෑනු ළමයා විතරයි...එයා කැම්පස් එකට යන්න කලිනුත් සර්ව හමුවෙලා එකත් සර්ට කියලා ගිහින් ...  පෙරාදෙණියට තේරිලා. පිරිමි ළමයා අවේ නැතත් එකට වෙච්ච දේ සර් හිතාගෙන.

ඔහොම කාලයක් ගෙවිලා ගිහින් අවුරුදු 6 කට විතර පස්සේ සර් නුවර ටවුමෙ හිටපු වෙලවක කාර් එකක් නතර කරලා එකෙ හිටපු එකා ඇවිත් සර්ගෙන් ඇහුවලු " සර්ට මාව අදුන ගන්න පුලුවන්ද ? " කියලා. සර් මීටරේ දාල බැලින්නනං අර හාදයා කවුද ... අර කොල්ලා. ඊට පස්සෙ සර් මේකත් එක්ක කදේට වැටිලා විස්තර අහලා. ඔහොම යන ගමන් සර් නිකමට වගෙ ( නක්කලේට ) අහලා ඔය ළමයා ඉස්කෝලෙදි බත් කටවල් කවපු ගෑනු ලමයා කෝ කියලා.. පොර එතකොට හිනාවෙලා කිව්වලු " අපේ රිසාල්ට් අපු කාලෙම මම හිත හදාගෙන එයාගෙන් අයින් උනා " කියලා... ( මෙතන විශේෂ්යෙන් කියන්න ඕන දේ තමා කොල්ලාගෙ දැඩ් ඉල්ලීම පිට තමා කෙල්ල අයින් වෙලා තියෙන්නේ). " සර් එයාට කැම්පස් එකේ අලුත්, ලස්සන ලොකයක් තියෙනවා ඔක ඇතුලට මම ගිහින් එයාට ලැබෙන්න තියෙන ඔය ලස්සන ලොකේ , සතුට විනාස කරන්න මට ඕන උනේ නෑ එකයි මම අමරුවෙන් උනත් හිත හදාගත්තේ." කියල කොල්ල කිවුවලු.

" උඹ මාර බෝධ්සත්වයෙක්නේ ඹන් ! " කියලා සර්ට කියවෙලා.... ඔය හමුවීමෙන් පස්සෙ සර්ට කොල්ලව හම්බවෙලා නෑ..සර්ටත් ඔය සිද්දිය අමතක වෙලා ගිහින්.

කොමහරි මෙ මෑතකදි සර් කවි එකතුවක් කියවලා වංග සාහිත්‍යට අදාල එකක් මට මතක හැටියට...
ඕක  කියවන් යනකොට අහුවුන එක කවියක් තිබුනලු... " ආදරයත් හරියට බොසත් කමක් වගෙ ! " කියලා..ඔතනදි  හෙණ ගහන්න වගේ සර්ට අර සිද්ධිය මතක් වෙලා  ; ඊට පස්සේ තමා ඔය පද සර්ගෙ අතින් ලියැවිලා තියෙන්නේ... "හන්තානට පායන හඳ.. "




Friday, November 4, 2011

ඉවසන්න..

ලගදීම ලියන්නවා එතකන් ඉවසන්න....